අපගේ දැක්ම

මානව හිතවාදීවූ ඵලදායි හා කාර් යක්ෂම සේවයක් ලබාදීම තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම ප්‍රාදේශීය පරිපාලන ඒකකය බවට පත්වීම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සැලසුම්ගත ක්‍රියාවලියක් තුලින් කැලණිය කොට්ඨාශයේ ජන ජීවිතය නංවාලීම
 
 
our office
 

කැලණිය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ පිහිටීම

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් නිලධාරී වසම් 30කින්ද පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශයට

අයත් වසම් 07 කින්ද කැලණිය ප්‍රාදේශීය ලේකම් කොටඨාශය සමන්විත වෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ සිට ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුඵ වීමේදී

මාර්ගය වැටී ඇත්තේද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය මැදිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ලෙස සැලකෙන කොළඹ නගරයට

ඉතාම ආසන්න කොට්ඨාශය වශයෙන් සංවර්ධනය අතින් ඉතා වැදගත් ස්ථානයක් ගනී. වේගවත් කාර්මීකරණයත්, නාගරිකකරණයත් මෙම

කොට්ඨාශයේ පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයකි. කැලණි ගග මගින් මෙම කොට්ඨාශය පෝෂණයට මෙන්ම දර්ශණීයත්වයට පත්වේ.

කැලණිය රජමහා විහාරය නිසා ඓතිහාසික වශයෙන් වැඩි වැදගත්කමක්ද ලබා දෙන අතර මෙම කොට්ඨාශය තුල පුරා විද්‍යාත්මක වටිනාකමින්

යුත් ස්ථාන බොහොමයක් ඇති බවට හදුනාගෙන තිබේ. කැලණිය විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේද මෙම කොට්ඨාශයේ නිසා අධ්‍යාපනික

වශයෙන්ද වැදගත් තැනක් ගනී.

මෙම කොට්ඨාශයේ කාර්ය භාරය හදුනා ගැනීමේදී අංශ කීපයක් යටතේ වර්ගීකරණය කල හැකිය.

1. කොළඹ නගරයට ආසන්න වාණිජ නගරයක් ලෙස ක්‍රියා කිරීම

2. කැලණිය පූජනීය මෙන්ම පුරා විද්‍යාත්මක නගරයක් ලෙස ක්‍රියා කිරීම

3. අධ්‍යාපයන අතින් වැදගත් නගරයක් වීම.

සංස්කෘතික පසුබිම


කැලණිය දුරුතු පෙරහැර

කැලණිය රජ මහ විහාරයේ දුරුතු මහ පෙරහැර පළමුවෙන්ම ආරම්භ වූයේ 1925 වර්ෂයේ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේය.

මෙය මලුවේ පෙරහැර, දෙවෙනි මලුවේ පෙරහැර හා මහ මලුවේ පෙරහැර වශයෙන් දින 03ක් පෙරහැර පවත්වයි. පෙරහැරට අවශ්‍ය සියලුම

අංගයන්ගෙන් සමන්විත වූ මෙය ලංකාවේ ඇති සෑම නැටුම් සම්ප්‍රදායකම නැටුම්වලින් සමන්විතය. මෙහි ඇති විශේෂත්වය වන්නේ

කැලණි පෙරහැර සදහා කාන්තා නැටුම් ඇතුලත් නොවීමයි. පෙරහැර ඉතිහාසයේ පටන් අද දක්වාම පෙරහැරේ ගමන් කරන්නේ කාන්තාවන්

4 දෙනෙක් පමණි. ඔවුන් පෙරහැරේ අන්තිමට ගමන් ගන්නා දෝලාව දෙපසින් යනු ලැබේ. මෙය ඓතිහාසික සිද්ධියක් පිළිඹිබු වීමක් පමණි.

කැලණියේ වරාගොඩ බෝධිය

ශ්‍රී බෝධිරුක්ඛාරාමය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. මෙහි වැඩ සිටින බෝධීන් වහන්සේ ඓතිහාසික බෝධියකි.

කැලණි රජ මහා විහාරයේ වාර්ෂිකව පවත්වන දුරුතු මහා පෙරහැරේ එක් අංගයක් වන දේවදූත පෙරහැර මෙම බෝධිරුක්ඛාරාමය වෙත පැමිණ

ආශිර්වාද ලබා ගැනීම පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයයි. මෙම දේවදූත පෙරහැර කුඩා පෙරහැරක් වුවද පෙරහැරට අවශ්‍ය සියළුම

අංගයන්ගෙන් සමන්විත වී ඇත. දේවදූතයා රැගෙන වරාගොඩ බෝධිය දක්වා ගමන් ගෙන සන්ධ්‍යා භාගයෙහි නැවත කැලණි විහාරයට

පැමිණ දොරකඩ අස්න හා අනුශාසනා පැවැත්වීම සාමාන්‍ය සිරිතයි.

ඓතිහාසික පසුබිම

අනුරපුර යුගයට සමකාලීනව මායා රටේ අගනුවර ලෙස කැලණිය පැවති බවත් බුදුන් වහන්සේගේ ද්විතීය ලංකා ගමනේදී ශ්‍රි ලංකාවට වැඩම

කල බවත් ඉතිහාස වංශකතා සහ ජනප්‍රවාද වල සදහන්ව ඇත. බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් 8 වැනි වසරේදී භික්ෂුන් වහන්සේලා 500 නමක්

සමග මණිඅක්ඛිත නා රජුගේ ආයාචනයක් අනූව කැලණියට වැඩම කල බව මහාවංශයේ සදහන් වේ. එමෙන්ම මහින්දාගමනයට පෙර බුදු

දහම කෙරෙහි පැහැදුනු පිරිසක් සිටි බවද මින් තහවුරු වේ. ක්‍රි.පූ.6 වන සියවස ආරම්භයේදී ලංකාවේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් විසූ බව

සදහන් වන අතර යක්ෂ ගෝත්‍රිකයන් මහියංගනය හා ලග්ගල ප්‍රදේශවල සිටි බවත් නාග ගෝත්‍රිකයන් නාගදීපය හා කැලණිය යන ප්‍රදේශවල

ජීවත් වූ බවද සදහන් වේ.

සියවස් කිහිපයක් තිස්සේ එනම් 1505 පෘතුගීසින්ගෙන්ද 1658 දී ලන්දේසින්ගෙන්ද අනතුරුව 1796 දී ඉංග්‍රීසින්ගේද බලපෑම් ඔස්සේ විජාතික

ආක්‍රමණයන්ට මුහුණ දෙමින් විරාජමාන කැලණි විහාරය ගම්පහ දිසාවේ ඇති විහාරස්ථාන අතර මුදුන් මල්කඩ බදුය. කෝට්ටේ රජකල 7 වෙනි

බුවනෙකබාහු මහ රජු කැලණිය උප රාජධානියට අයත් රජවාසලේදී අන්තෝනියෝද බාසිලෝස් නැමැති පෘතුගීසි සොල්දාදුවා විසින් වෙඩි තබා

මරා දැමීම ඓතිහාසික සිදුවීමකි. කැලණි විහාරය මෙන්ම විභීෂණ දේවාලයද සිංහල සංදේශ කාව්‍යයන්හි වර්ණනාවට භාජනය වී ඇත.

කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය රට බේරා ගැනීම සදහා සිය කැමැත්තෙන් මුහුදට බිලිවූ බව කැලණි පුරවරය හා සම්බන්ධ

ප්‍රසිද්ධ පුරාවෘත්තියකි. 17 වන සියවසේදී පමණ ලියන ලද රාජාවලිය කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩතගා සිදුවූ විනාශය දීර්ඝ ලෙස

විස්තර කර ඇත.කැලණිතිස්ස රජු රහතන්වහන්සේ නමක් තෙල්කටාරමක බහා මැරවූ අධර්මිෂ්ඨකම නිසා ලංකාවේ මුහුද ගොඩගැලූ බව

සදහන් වේ.

පෑලියගොඩ සිට නුවර පාර ඔස්සේ කි.මී.9ක් පමණ දුරින් කැලණි නදියට යාබදව පිහි‍ටා ඇති පුරාණ චෛත්‍ය වටිනා බිතුසිතුවම් වලින්

යුක්ත විහාරය හා දැවැන්ත ඝණ්ඨාර කුඵණ ඇතුලත් පැරණි නිර්මාණයන්ගෙන් සමන්විත වේ. ඊට යාබදව ඇති අඵත් විහාර මන්දිරය

සෝලියස් මෙන්ඩිස් නම් කලාකරුවාගේ තෙළි තුඩින් නිමවුන අඵත් කලා සම්ප්‍රදායන් ජනිත කර ඇත. පුරාවස්තු ප්‍රදර්ශණයට තබා ඇති

කෞතුකාගාරයත් ඊ‍ට ආසන්නයේ ඇති සෙල් ලිපි 3ත් වැදගත් වේ.

News & Events

11
අගෝ2026
පෝෂණ වැඩසටහන

පෝෂණ වැඩසටහන

කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය...

28
ජූලි2026
National Intergrity week

National Intergrity week

National Intergrity week A new beginning for...

Scroll To Top