කල්යානි ප්‍රසාදී සාහිත්‍ය කලා මහෝත්සවය - 2024 වැඩසටහන කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ.ඒ.ඩී.සී නදීෂානි අමරසිංහ මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.භාග්‍යා.එම් අතුකෝරල මහත්මියගේ මග පෙන්වීම යටතේ ,කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී සුජීව වික්‍රමනායක මහතාගේ සංවිධාන දායකත්වයෙන් 2024.10.25 සිකුරාදා දින කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.
නිර්මාණකරුවන් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කළ සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් උදෙසා ත්‍යාග සහතික පත් පිරිනැමීම මෙහි දී සිදු කරන ලද අතර සුමිත් සුරවීරයන්ගේ "සෞන්දර්ය තුළින් ඵලදායිතාවය" වර්ධනය කර ගන්නා අයුරු යන රසවින්දනාත්මක දේශනය මගින් මෙම වැඩසටහන තවදුරටත් ඒකාලෝක විය.


























