ඩෙංගු මාරයා තුරන් කරමු

 

Clean Sri Lanka වැඩසටහන හා ජාතික ඵලදායීතා ලේකම් කාර්‍යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැය නංවන සපිරි ගමක් වැඩසටහන යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝධිග්‍රාමයේදී ඩෙංගු මාරයා තුරන් කරමු මැයෙන් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ ප්‍රාසාංගික ලෙස මෙම උවදුර සම්බන්ද දැනුවත් කිරීමක් 2026.07.18 වන සෙනසුරාදා  දින පවත්වන ලදී.

මේ සදහා

?කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ නිලධාරීන්

?කැලණියේ ප්‍රාදේශීය ලේකම්තුමිය  සහ අදාල කොට්ඨාශයේ ක්‍ෂේත්‍ර නිලධාරීන්

?දෙල්ගොඩ යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරි තුමා ප්‍රමුඛ  සෙසු නිලයන්ට අයත් නිලධාරීන් 30 ක කණ්ඩායමක්

?කැලණිය ප්‍රාදේශීය සභාව

 ?බෝධි ග්‍රාමයේ ප්‍රජාව ද

සහභාගි විය.

  ?මෙම වැඩසටහනේ මාධ්‍ය අනුග්‍රහය සිරස මාධ්‍ය ජාලය විසින් ලබාදුන් අතර සිරස FM  නාලිකාව ඔස්සේ සජීවී විකාශයක් සිදු කරන ලදී.

? මේ සඳහා අනුග්‍රාහක දායකත්වය හේමාස් රෝහල විසින් ලබා දෙන ලදී.

?වැඩසටහන සංවිධානය කැලණිය ඵලදායිතා  නිලධාරී  විසින් සිදු කරන ලදී.

 

             

News & Events

11
අගෝ2026
පෝෂණ වැඩසටහන

පෝෂණ වැඩසටහන

කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය...

28
ජූලි2026
National Intergrity week

National Intergrity week

National Intergrity week A new beginning for...

Scroll To Top