- උපත් ලියාපදිංචිය
[PDF - 628.0 KB] - විවාහ ලියාපදිංචිය
[PDF - 765.0 KB] - මරණ ලියාපදිංචිය
[PDF - 718.0 KB] - වයස ආසන්න වශයෙන් සනාථ කිරීම සඳහා සහතිකපත් ලබාදීම
[PDF - 0.0 KB] - ජාතික හැඳුනුම් පත (පෙර සැකසුම)
[PDF - 3263.0 KB] - විදේශ ගමන් බලපත්‍රය (පෙර සැකසුම)
[PDF - 585.0 KB]
ජාතික හැදුනුම්පත් ලබා ගැනීම
1. පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම
* පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන මුද්‍රිත අයදුම්පත්‍රය සම්පූර්ණ කල යුතුයි.
(මෙය ග්‍රාම නිලධාරී වෙතින් ලබා ගත හැකිය)
* උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා එහි ඡායා පිටපතක්
* වම් කණ පැහැදිලිව පෙනෙන වර්ණ ඡායාරූප 5ක්(අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත යුතුයි)
* නියමිත මුද්දර ගාස්තු
අවුරුදු 16 - 17, අතර නම් රු. 3/-ක මුද්දර
අවුරුදු 17ට වැඩි නම් රු. 13/-ක මුද්දර
* රැකියාවක නියුතු නම් රැකියාව සනාථ කර ආයතන ප්‍රධානියාගෙන් ලිපියක්
* පැවදි අයෙක් නම් විහාරාධිපති හිමියන්ගෙන් ලබා ගත් සහතිකයක්.
* පාසල් නිල ඇදුමෙන් පෙනී සිටින ඡායාරූපයක් නම් එම පාසලේ විදුහල්පතිගේ සහතිකයක්
* එක් දින සේවාව සදහා අතින් ගෙන යන්නේ නම් ප්‍රමාණවත් ලියුම් කවරයක් ලබා දිය යුතුය.
* වයස අවු.20ට වැඩි නම් ප්‍රමාදයට හේතු දැක්වෙන වාර්තාවක්
* මෙහි ගාස්තු කලින් කලට සංශෝධනය විය යුතුය..
2. සංශෝධිත හැදුනුම්පතක් ලබා ගැනීම
* පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන මුද්‍රිත අයදුම්පත්‍රය සම්පූර්ණ කල යුතුයි. (මෙය ග්‍රාම නිලධාරී වෙතින් ලබා ගත හැකිය)
* පැරණි ජාතික හැදුනුම්පත
* උප්පැන්න සහතිකයේ මුල් පිටපත.(මෑතකදී ලබා ගත් හැදුනුම්පතක් නම් අවශ්‍ය නැත)
* වම් කණ පැහැදිලිව පෙනෙන වර්ණ ඡායාරූප 5ක්(අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත යුතුයි)
* රු.15/-ක මුද්දර ගාස්තු
* රැකියාවක නියුතු නම් රැකියාව සනාථ කර ආයතන ප්‍රධානියාගෙන් ලිපියක්
* පැවදි අයෙක් නම් විහාරාධිපති හිමියන්ගෙන් ලබා ගත් සහතිකයක්.
* පාසල් නිල ඇදුමෙන් පෙනී සිටින ඡායාරූපයක් නම් එම පාසලේ විදුහල්පතිගේ සහතිකයක්
* එක් දින සේවාව සදහා අතින් ගෙන යන්නේ නම් ප්‍රමාණවත් ලියුම් කවරයක් ලබා දිය යුතුය.
3. හැදුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීම
* පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන 07 මුද්‍රිත අයදුම්පත්‍රය සම්පූර්ණ කල යුතුයි. (මෙය ග්‍රාම නිලධාරී වෙතින් ලබා ගත හැකිය)
* ජාතික හැදුනුම්පත නැතිවූ බවට අදාල පොලිසියේ කරන ලද පැමිණිල්ලේ සහතික කල පිටපත (පොලිසියට යන විට රු.10/-ක මුද්දර රැගෙන යා යුතුයි)
* පොලිසිය විසින් ලබා දෙන සහතිකයේ (පු.ලි.දෙ.වි.07 මුද්‍රිත ආකෘති පත්‍රයේ 11 පිටුවේ) මුද්‍රාව තබා පැහැදිලිව අත්සන සටහන් විය යුතුය.
* වම් කණ පැහැදිලිව පෙනෙන වර්ණ ඡායාරූප 5ක්(අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගත යුතුයි)
* රු.15/-ක මුද්දර ගාස්තු
* කලින් හැදුනුම්පතේ අංකය සොයා ගත නොහැකි බවට දිවුරුම් ප්‍රකාශයක්
* කලින් තිබූ හැදුන්ම්පතේ අංකය නොදනී නම්, ග්‍රාම නිලධාරී ඉදිරියේ අත්සන් කරන ලද ප්‍රකාශයක් ප්‍රාදේශීය ලේකම් විසින් හෝ බලයලත් නිලධාරියෙකු විසින් අනු අත්සන ලබා දිය යුතුය.
* එක් දින සේවාව සදහා නම් හැදුනුම්පත අවශ්‍ය හදිසි කාරණය දන්වා ලියූ ලිපියක්
* එක් දින සේවාව සදහා අතින් ගෙන යාමට අනුමැතිය සදහා ප්‍රමාණවත් ලියුම් කවරයක් ලබාදිය යුතුය.
උපත්/විවාහ/මරණ සහතික
1. උප්පැන්නයක නමක් ඇතුලත් කිරීම/වෙනස් කිරීම/වාසගම වෙනස් කිරීම
* ඉල්ලීම් ලිපිය
* අදාල ආකෘති පත්‍රය
* අයදුම්පත ඉදිරිපත් කල යුතු ආකාරය
අවු. 21ට අඩු නම් මව/පියා/භාරකරු
අවු.21ට වැඩි නම් ඉල්ලුම්කරු
* අවු.7ට අඩු අය සදහා මව හා පියාගේ උප්පැන්න සහතික අවශ්‍ය වේ.
* අවු.7ට වැඩි අය ඉල්ලා සිටින නම භාවිත කරන බවට සාක්ෂි වශයෙන් පහත ලියවිලිවලින් එකක්
ඉදිරිපත් කරන්න.
ග්‍රාම නිලධාරී වාර්තාව
ශිෂ්‍ය කාර්ය දර්ශණය
සහෝදරයෙකුගේ උප්පැන්න සහතිකය (වාසගම වෙනස් කිරීමේදී)
විවාහක නම් විවාහ සහතිකය
පුවත්පත් දැන්වීමක්
බැංකු ගිණුමක්
2. කල්ගිය මරණයක් ලියා පදිංචි කිරීම
* ඉල්ලීම් ලිපිය
* අදාල අයදුම්පත
* මරණය ලියා පදිංචි වී නොමැති බවට හිස් ප්‍රතිඵල ලේඛනය
* ග්‍රාම නිලධාරී සහතිකය
* රෝහලක මිය ගියේ නම් රෝහල් මුල් ලේඛනයේ පිටපතක්
* ශෝක ප්‍රකාශ හා මරණ දැන්වීම්
* මරණයට සහභාගි වූවෙකුගේ ප්‍රකාශයක්
* ආගමික වතාවත් සිදුකල විහාරාධිපතිගේ නම හා ලිපිනය
මුද්දර ගාස්තු
* ලියා පදිංචි කිරීමේ දිනය හා අංකය දන්නේ නම් එක් පිටපතකට රු.25/-ක මුද්දර ගාස්තු
* ලියා පදිංචි කිරීමේ දිනය හා අංකය දන්නේ නැතිව මාස 03 කාලයක් සෙවීම සදහා එක් පිටපතකට රු.50/-ක මුද්දර ගාස්තුවක්
* අවු. 2ක කාලයක් සෙවීම සදහා එක් පිටපතකට රු.100/-ක මුද්දර ගාස්තුවක්
****කිරිබත්ගොඩ රෝහලේ සහ දඵගම, කැලණිය, පෑලියගොඩ යන ප්‍රදේශවල සිදුවූ උපත්, මරණ හා විවාහ තොරතුරු මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇත.******















