ශුන්‍ය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොට්ඨාසයක් ලෙස කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පත් කිරීම අරමුණු කොටගෙන පරිසර හා තිරසර ආංශික කාරක සභාවේ ගරු සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්න පෙරුම මහතාගේ සංකල්පයක් මත 2024/03/04 දින කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී..මෙම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ.ඒ.ඩී.සී නදීෂානි අමරසිංහ මහත්මිය,සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.භාග්‍යා.එම් අතුකෝරල මහත්මිය, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මෙම වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය ලබාදෙනුයේ Eco spindles ආයතනය විසිනි...






කැලණිය උසස් අධ්‍යයන ආයතනය, කැලණිය මෙට්‍රෝපොලිටන් විශ්වවිද්‍යාලය හා කැලණිය සුපර් හි අධිපති කපිල මහත්මයා සහ එම මැතිණිය නිමාලි සමරනායක මහත්මියගේ මුල්‍ය ආධාර මත 2024.12.27 දින කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 100 දෙනෙකු සදහා 2025 පාසල් වර්ෂය සදහා පාසල් පොත් හා උපකරණ පරිත්‍යාග කරන ලදි.
කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ.ඒ.ඩී.සී නදීෂානි අමරසිංහ මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.භාග්‍යා එම්.අතුකෝරල මහත්මියගේ මගපෙන්වීම යටතේ ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි සුජීවා වැලිකුඹුර මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.
එහිදි පාසල් දරුවන් සදහා ඉලක්ක ජය ගැනීම පිලිබද මනෝ උපදේශන වැඩසටහන ක් සිදු කළ අතර එය කැලණිය උපදේශන නිලධාරී ආර්.එම් සි සමුදිකා මහත්මිය විසින් සිදු කරන ලදී.







කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංකල්පයකට අනුව කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ මහත්මියගේ මග පෙන්වීම මත මහරගම අපේක්ෂා රෝහලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පරිත්‍යාග සිදු කිරීමේ සත් කාර්යය 2024.03.01 දින අපේක්‍ෂා රෝහලේ පරිත්‍යාග කළමනාකරණ ඒකකයේදී සිදු කරන ලදී.




























