තල ආශ්‍රිත නිෂ්පාදිත පුහුණු වැඩසටහන
2026-06-08 දින කැලණිය විදාතා මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ තල ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩමුලුව..


විදාතා පුහුණු වැඩසටහන
කැලණිය විදාතා මධ්‍යස්ථානය මගින් 2026-05-25 දින සංවිධානය කරනු ලැබූ දියර කිරි ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩමුලුව...

පොසොන් ධර්ම දේශනය
පොසොන් පොහොය නිමිති කර ගනිමින් කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් එම්. භාග්‍යා එම් අතුකෝරල මහත්මියගේ මග පෙන්විම යටතේ 2026.06.26 දින කාර්යාල නිලධාරීන් උදෙසා ධර්ම දේශනා වැඩසටහනක් පවත්වන ලද අතර, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බෞද්ධ කටයුතු සමායෝජක අති පූජ්‍ය කන්දේගම නාරද හිමියන් විසින් එම ධර්ම දේශනය සිදු කරන ලදී.

බොදු ගී ප්‍රසංගය
ජුනි 01 දින කැලණිය - කිරිබත්ගොඩ වෙසක් කලාප ප්‍රධාන වේදිකාවේ රාජ්‍ය ආයතන , ස්වේච්ඡා සංවිධාන හා සමිති සංවිධානවල සහභාගීත්වයෙන් පැවැත් වූ බොදු ගී ප්‍රසංගය , කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තව දුරටත් වර්ණවත් වු අතර එය ඉතා සාර්ථකව නිමාවට පත් විය.

ගම් දහසක් වැඩ දහසක්
ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් ව්‍යපෘතියට අදාලව කැලණිය කොට්ඨාසයේ සමාරම්භක උත්සවයන් 2026.06.02 දින පොල්හේන, දළුගම, පෙතියාගොඩ යන වසම් මුල් කර ගනිමින් සිදු කල අතර,පෙතියාගොඩ දේවාල පාරේ සිට දෙවන පටුමග දක්වා ඇති ඇලේ පැති බැම්මේ ඉතිරි කොටස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාව සාර්ථකව නිමාවට පත් කරන ලදී.
















