අධිකරණ , ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත කැලණිය කොට්ඨාශයේ ආන්තිකරණයට ලක්වූ  පවුල්වල කාන්තාවන් ආර් ථික සවි බල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන් 09  දෙනකු සඳහා අවශ්‍ය ස්වයං  රැකියා උපකරණ ලබාදීම 2024/12/03,2024/12/18,2024/12/23 යන තෙදින අදියර කිහිපයක දී සිදු කරන ලදි .

කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ .ඒ. ඩී. සී නදීෂානි අමරසිංහ මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.භාග්‍යා එම්. අතුකෝරල මහත්මිය, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ජේ.ඒ.යූ.ඩී රණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්  කැලණිය  ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක  ඩී. පී. ඒ. මනෝරි ප්‍රියංගනි සිල්වා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී

 

කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ.ඒ.ඩී.සී නදීෂානි අමරසිංහ මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් භාග්‍යා.එම් අතුකෝරල මහත්මියගේ   මග පෙන්වීම යටතේ  ඇසළ පොහොය නිමිත්තෙන්  කාර්යමණ්ඩලයේ  සියලුම දෙනාට ආශිර්වාද පතා,  කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම දායකත්වයෙන් ,2024. 07. 26 වන සිකුරාදා දින ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් විෂයෙහි දහවල් දානමය  පිංකමක් පවත්වන ලදී

මෙම දානමය පිංකම සදහා කැලණිය උභය රජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය  කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අධ්‍යක්ෂ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී වැලිමිටියාවේ  ඥානරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගි විය

 

 

දිලිදුකම පිටුදැකීමේ දිනය නිමිත්තෙන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුණුපිටිය කලපයේ වෙලේගොඩ වසමේ ප්‍රාදේශීය සභාවේ පෙර පාසල් දරුවන් සදහා කොළ කැද පානය ලබා දීම හා පොත්පත් බෙදා දීම හා කිරිබත්ගොඩ කලාපයේ තල/දකුණ  වසමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෙර පාසල් දරුවන් සදහා දිවා ආහාර වේලක් හා පොත්පත්  ලබා දීම.

 

කල්‍යානි ප්‍රසාදී සාහිත්‍ය කලා මහෝත්සවය - 2024 වැඩසටහන කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ.ඒ.ඩී.සී නදීෂානි අමරසිංහ මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.භාග්‍යා.එම් අතුකෝරල මහත්මියගේ මග පෙන්වීම යටතේ ,කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී සුජීව වික්‍රමනායක මහතාගේ සංවිධාන දායකත්වයෙන්  2024.10.25 සිකුරාදා  දින කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

නිර්මාණකරුවන් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කළ සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් උදෙසා ත්‍යාග සහතික පත් පිරිනැමීම මෙහි දී සිදු කරන ලද අතර සුමිත් සුරවීරයන්ගේ "සෞන්දර්ය තුළින් ඵලදායිතාවය" වර්ධනය කර ගන්නා අයුරු යන රසවින්දනාත්මක දේශනය මගින් මෙම වැඩසටහන තවදුරටත් ඒකාලෝක විය.

 

 

කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ.ඒ.ඩී.සී නදීෂානි අමරසිංහ මහත්මියගේ සහ කැලණිය සහකාර ප්‍රාදේශීය ලේකම් භාග්‍යා .එම් අතුකෝරල මහත්මියගේ මග පෙන්වීම යටතේ 2024.05.16 වන දින  කැලණිය green team වැඩසටහන මගින් කැලණිය රජමහා විහාර පරිශ්‍රයේ කොහොඹ පැල 100ක් සිටුවීමේ ව්‍යාපෘතිය සිදු කෙරිණි.

මෙහිදී සහභාගී වූ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නිලධාරීන්ට සහ ස්වෙච්ඡා  සංවිධානවල කාන්තාවන් සඳහා අඹ පැල බෙදා දීමක් ද සිදු කරන ලදී.

අනු-ප්‍රවර්ගයන්

News & Events

11
අගෝ2026
පෝෂණ වැඩසටහන

පෝෂණ වැඩසටහන

කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය...

28
ජූලි2026
National Intergrity week

National Intergrity week

National Intergrity week A new beginning for...

Scroll To Top